ෙකාළඹ සරසවිය

කඳුලැල් සලා
මමත් වැලපෙමි
ආදරය නිසා
ඔබ දන්නේ නෑ
සෙනෙහස කඳුලක
වේදනා පවා

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

අයියෝ සරසවියේ අයියෝ සරසවියේ
කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය
තාත්තා ලෙඩ ඇ‍ඳේ මහපොළ තව නැතිය
අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය

ආලය සිඟමනකි නොසිඟන අය හිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

ප්රේමය සාගරයක් වගෙයි
ගැඹුරුයි රුදුරුයි
චංචලයි පියකරැයි
විඩාවට ප්රෝයජන නැත
ලුණු රස වැඩියි

සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ
පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ
මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ
සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ

සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව
මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව
කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව
අත් දෙක වන වනා ආවේ කිම දරුව

බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට
කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
තූ නොදකින් සිතුනි විඳිනා දුකට

ගණදුර කැටිවුන හදවත් කුටියේ
බලා හිඳින්නෙමි තනිය දරා
ගණදුර දුරලන සඳරැල්ලක් වී
මගේ ලොවට ඔබ වඩින තුරා

ශිල්ප කබලෙන් ලිපට වැටුණි
ඇය මගෙන් වෙන්වූ දිනේ

කුසගින්න කුසගින්න
කාට කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ අම්මේ

එස් එස් සී විනාෂය
සම්මානෝ අති දුර්ලභා
රැකියා විරහිතං දුක්ඛං
බී ඒ ඩිග්රි මහා භයං

සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාව‍තේ
ගියා දිනක් මට මතකයි ඈත අතීතේ
කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ
ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ

මා වැනි ප්රෙෂාලා
තෙල දී ලගට කැන්දා
මුරැංගා අත්තේ තියා
කඩේ යැව් උන් දැන් කොයින්දා

ගමේ හොල්මන්
නුදුටු මේ මං
මෙහේ හෝල්මං
දැකල හොල්මං

No comments: